Sunday, September 29, 2013

අලුත් අදහසක්


අපේ කට්ටිය, විශේෂයෙනම් කාන්තා පක්ෂය ටෙලිනාට්‍ය නොවරදවාම බලනවානේ. ඊලග කොටස එනකනුත් ඇගිලි ගැන ගැන ඉන්නවානේ. ඉතින් මට හිතුනා කොටස් වශයෙන් පලවන නවකතා අඩවියක් පටන් ගත්තොත් හොදයි කියලා. නවකතා කියවන අයට සතිපතා හෝ දිනපතාම කොටස් වශයෙන් පලවන නවකතා කියවිය හැකි වනු ඇත.

නවකතා හා කෙටිකතා කතුවරුන්ට ඔවුන්ගේ  ග්‍රන්ථ වැඩි පාඨක ප්‍රමාණයකට ගෙන යෑමට හා ඔවුන්ගේ නම ප්‍රචලිත කරගැනීමට ඔවුන්ගේ නවකතා හා කෙටිකතා ගොන්නෙන් එකක් හෝ දෙකක් අප අඩවිය තුල කොටස් වශයෙන් පලකල හැක. එය ඔවුනට ජනප්‍රියත්වය වැඩිකර ගැනීමට මහගු පිටුවහලක් වනු ඇත.

සිංහල බ්ලෙගර් වලටයි කොත්තු සින්ඩියටයි එකතු කරලා ඉවරවෙලා මමම ලියන නවකතාවකින් වැඩේ පටන් ගන්නයි අදහස. පුලුවන් සහයෝගක් දෙන්නැයි ඉල්ලා සිටිනවා.


No comments:

Post a Comment